Research indexBook chapter
දතත-පදනම නයය
සාලිය, සාලිය
29 May 2023
NobleIDark:/48914/w1/20260525/C5B1FC0EDOI10.54389/wjnt5711_20
දතත-පදනම නයය
සාලිය, සාලිය · 2023 · Subscription
NobleIDark:/48914/w1/20260525/C5B1FC0EDOI10.54389/wjnt5711_20
The full text is at the publisher
You can read the abstract here, or open it at the publisher.
Abstract
පළමු අදියරේ දී “පළමු වටයේ” කේතකරණය (Miles et al., 2014), “ආරම්භක කේතකරණය” (Charmaz, 2006), හෝ “විවෘත කේතකරණය” (Corbin and Strauss, 2008) වැනි පද යොදා ගෙන දත්ත වලින් කේත ජනනය කිරීම සඳහා උද්ගාමී ප්‍රවේශයක් භාවිතා කරනු ඇත, ගොඩනඟන න්‍යාය මඟින් දත්ත රැස් කිරීමට ඊළඟට යා යුත්තේ කොතැනට ද යන්න සහ වඩාත් අවධානය යොමු කළ යුතු ප්‍රශ්න ඇසීමට ඔබට යෝජනා කරනු ඇත. දෙවන වටයේ දී, ප්‍රථම වටයේ කේතයන් පුළුල් හා වඩාත් සංගත කාණ්ඩ සහ තේමාවන් වලට ගොනු කිරීම, ඒකාබද්ධ කිරීම ලෙස මයිල්ස් විසින් නම් කරන අතර (Miles et al., 2014) සල්ඩානා විසින් එය “රටා කේතකරණය” (Saldana, 2013) ලෙස ද චාර්මාස් විසින් එය “කේන්ද්‍රගත කේතීකරණය” (Charmaz, 2006) ලෙස ද කෝබින් සහ ස්ට්‍රෝස් විසින් එය “අක්ෂීය කේතීකරණය” (Corbin and Strauss, 2008) වශයෙන් ද හඳුනා ගනී. මෙය පදනම් වූ සිද්ධාන්ත ක්‍රියාවලියේ නීගමන (deductive) අවධිය යි. දත්ත මත ආරම්භ වන හෙයින් එය උද්ගමන විධික්‍රමය මුල දී අනුගමනය කොට නීගමන සහ ඌහනය (abductive) විධික්‍රම උපයෝගී කරගෙන නැවත නැවත තහවුරු කරගැනීම් කරගනිමින් දත්ත සහ සංකල්ප ගොඩ නඟමින් වර්ගීකරණය කරනු ලැබේ. අවසානයේ දී ඌහනය විධික්‍රමය භාවිතා කරමින් උපකල්පන මත විකල්ප න්‍යායයන් යෝජනා කරනු ලැබේ. වාස්තවිකවාදී විධික්‍රමය හෝ අභිසංස්කරණවාදී මූලධර්ම යන දෙ විදිහට ම දත්ත-පදනම් න්‍යාය පර්යේෂණ මෙහෙයවිය හැකි ය. උසස් කේතීකරණ අවධියේදී, සංකල්ප වියුක්ත විය හැකි අතර, බොහෝ දෙනෙකුගේ කථා නියෝජනය වන පරිදි ඒවා ඉතා සංකල්පීය මනෝඥ/කදිම/අලංකාර (elegant) යෙදුම් දක්වා සාන්ද්‍ර කරනු ලැබේ. අවසාන වශයෙන්, තේමාවන් නිර්මාණය කර ඇත්තේ දත්ත වලින් මතුවන “ලොකු” අදහස් පිළිබිඹු කිරීම සඳහා (Aurini et al 2016), චාර්මාස් ගේ “අලංකාර තේමාවන්” සංකල්පනය කිරීම සහ ග්ලේසර් ගේ සම්භාව්‍ය (classis GT) ප්‍රභේදය අනුව නම් තේමාවන් සංයෝජනය කිරීමෙන් මූලික කාණ්ඩයකට (core concept) න්‍යායාත්මක කිරීම සිදු කරනු ලැබේ. සහභාගිවන්නන්ට ඔවුන්ගේ මතය හරි ද වැරදි ද යන්න සමාලෝචනය කිරීමට ආරාධනා කිරීම වලංගුභාවය පිළිබඳ ‘විමසීමක්’ හෝ ‘පරීක්‍ෂණයක් ’ලෙස වැරදි ය. ඔවුන් එම න්‍යාය අවබෝධ කර ගැනීමට ප්‍රවීණතාවයක් හෝ සමහර විට එම න්‍යාය තේරුම් ගන්නේ නම් එයට කැමති වීමට හෝ නො කැමති විය හැකිය. දත්ත-පදනම් න්‍යාය ගොඩ නඟන්නේ බොහෝ දත්ත වලින් වන අතර, බොහෝ සහභාගිවන්නන් ඒ පිළිඹඳ ව ආනුභවික ව නො දැනුවත් වියහැකි ය.